23 June 2025


ශ්‍රී ලංකා - බංගලාදේශ තරගයට වැස්සෙන් බාධා



ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. 

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 423ක් රැස්කරගෙන සිටියා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 159ක් සහ ලිටන් දාස් ලකුණු 61ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. 

 
(crictimes.lk)