23 June 2025


මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය සියලුදෙනා දැවී ලකුණු 495ක් රැස් කළා. 

එහිදී Mushfiqur Rahim ලකුණු 163ක් සහ Najmul Hossain Shanto ලකුණු 148ක් රැස් කිරීමට සමත්වුණා. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් දවා ගත්තා. 

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ තරිඳු රත්නායක ලකුණු 196කට කඩුලු 3ක් දවා සමත්වුණා.  

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 485ක් රැස් කළා. 

එහිදී පැතුම් නිස්සංක ලකුණු 187ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් රැස් කරගත්තා.

අනතුරුව ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම අද කඩුලු 6ක් දැවී ලකුණු 285ක් රැස් කරගෙන  සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. 

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ලකුණු 296ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 72ක් රැස් කරගෙන සිටියා. 

මෙම තරගයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමු දුන්නා.

ඔහු මෙම තරගයේදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 47ක්.

(crictimes.lk)