23 June 2025


ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ කඩා වැටෙයි



ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය මේ වන විට පැවැත්වෙනවා. 

එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 485ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 187ක් ලබාගත් අතර ඊට අමතරව කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක්ද, ඇන්ජලෝ මැතිව්ස් හා මිලාන් රත්නායක ලකුණු 39ක්ද රැස්කළා. 

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Nayeem Hasan කඩුලු 05ක් හා Hasan Mahmud කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වුණා.

(Crictimes.lk)