බංගලාදේශයේ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල්ගේ හෘද ක්‍රියාකාරිත්වය අද (26) උදෑසන යහපත් මට්ටමක පැවති බව එරට වෛද්‍යවරුන් පවසනවා.
පසුගියදා DPL තරගයක් අතරතුර හෘදයාබාධයකට ලක්වීමෙන් පසු ඇන්ජියෝප්ලාස්ටි සැත්කමකින් අනතුරුව ඔහුට බොහෝ විවේකයක් ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික හෘද වාහිනී රෝග ආයතනයේ අධ්‍යක්ෂ අබ්දුල් වඩුඩ් චෞද්රි සඳහන් කළේ ඉදිරි දින තුන තුළ ඔහු අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි.
තමීම්ගේ සුවය ලැබීම සැලැස්මට අනුව සිදුවුවහොත් මාස 3කින් ඔහුට නැවත ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි බව චෞද්රි වැඩිදුරටත් කියා සිටියා.
(crictimes.lk)