සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවත්වීමට නියමිතව තිබූ අවසන් T20 තරගය අත්හැර දැමීමට සිදු වුණා.
ඒ තරගයට අඛණ්ඩව වර්ෂාව ඇදහැලීම හේතුවෙන්.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව නවසීලන්තය පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය 1 - 1ක් ලෙස ලෙස ජය පරාජයකින් තොරව අවසන් වී තිබෙනවා.
(colombotimes.lk)