ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් IPL ක්‍රිකට් දිවියේ කඩුලු 150 සීමාව පසු කිරීමට සමත්වුණා.
ඒ 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගයේදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් Priyansh Aryaගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.
ඒ අනුව ඔහු මේ වන විට IPL ක්‍රිකට් දිවියේ කඩුලු 150ක් වාර්තා කර තිබෙනවා.
ඔහු වාර්තා වන්නේ IPL ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති 11වන ක්‍රීඩකයා ලෙසයි.
IPL ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන තිබෙන්නේ ඉන්දියාවේ චහාල් විසින්.
ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 205ක්.
(crictimes.lk)