සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව අද (23) පැවති 4වන T20 තරගයෙන් ලකුණු 115ක දැවැන්ත ජයග්‍රහණය ලබන්නට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 220ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 105ක් පමණයි.
කෙසේ වෙතත් දෙරට අතර පැවති 3වන තරගයේදී 204ක දැවැන්ත ඉලක්කයක් එක් කඩුල්ලක් පමණක් දැවී පසු කරමින් වාර්තාගත ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.
(crictimes.lk)