17 July 2025


ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගවලට දින නියම වෙයි



2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් පැවැත්වෙන අතර අදාළ දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නිවේදනය කළේ ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා කාණ්ඩ සඳහා T20 තරග 2028 ජූලි 12වනදා සිට ජූලි 29වනදා දක්වා පැවැත්වෙන බවයි.

කාන්තා තරගාවලියේ එහි අවසන් මහා තරගය ජූලි 20වනදා සහ පිරිමි තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 29වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ වසර 128කට පසුව වීම විශේෂත්වයක්.

(crictimes.lk)