17 July 2025


තීරණාත්මක අවසන් T20 සටන අදයි



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03වන T20තරගය අද (16) පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වී තිබෙනවා.

ඒ තරගාවලියේ පැවති තරග 02න් තරග 01 බැගින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර තිබීම හේතුවෙන්.

ඒ අනුව අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ජය 2-1 ලෙස හිමිවනවා.

එම තරගයේදී අවිශ්ක ප්‍රනාන්දුගේ ස්ථානය දිනේෂ් චන්දිමාල්ට හෝ කමිඳු මෙන්ඩිස්ට හිමි වන බවයි වාර්තා වන්නේ.     

(crictimes.lk)