17 July 2025


අවසන් මොහොතේ දසුන්ගේ පිත්ත ක්‍රියාත්මක වෙයි



බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසන් T20 තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුවතරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 132ක් පමණයි.

එහිදී අවසන් පන්දුවාරයේදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා.

එමෙන්ම ආරම්භ පිතිකරු පැතුම් නිස්සංඛ ලකුණු 46ක් රැස් කරගත්තා.

(CRICTIMES.LK)