17 July 2025


ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙයි - ශ්‍රී ලංකාවට වාසියක්



එංගලන්ත කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු 2ක් අහිමි වී තිබෙනවා.

ඒ ඉන්දියාවට එරෙහිව පැවති 3වන ටෙස්ට් තරගයේදී මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන් නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඔවුන් 3වන ස්ථානය දක්වා පසු බැසීමත් සමඟ මෙතෙක් එහි 3වන ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 2වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

(crictimes.lk)