ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසයේ පළමුවරට T20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායමට අද (16) සමත්වුණා.
ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන T20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් රැස්කළා.
ඒ අනුව ලකුණු 133ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
ඒ අනුව කඩුලු 8කින් තරගය ජයගත් බංගලාදේශය T20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයග්‍රහණය කළා.
(crictimes.lk)