සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (16) පැවැත්වීමට නියමිත තුන්වන T20 තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට අවසන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියලුම ටිකට්පත් කවුළු නිල වශයෙන් වසා දමා ඇති බවයි.
ඒ අනුව හෙට (16) පස්වරු 7.00ට කොළඹ RPICSහිදී ආරම්භ වන තරගය සඳහා ටිකට්පත් සොයමින් ටිකට්පත් කවුළු වටා රැස් නොවන ලෙස මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
මහජනතාවට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 4.30ට ගේට්ටු විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර කෙත්තාරාම හන්දියේ සිට ක්‍රීඩාංගනය දක්වා මාර්ගය පස්වරු 4.00 සිට වාහන සඳහා වසා දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
(colombotimes.lk)