ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක කණ්ඩායමක් රැස් කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අදට (06) වසර 27ක් සපිරී තිබෙනවා.
මෙම ඉතිහාසගත වාර්තාව පිහිටවූයේ 1997 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින්.
ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 537ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ ලකුණු 952ක ඉතිහාසගත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් සිටියදීයි.
එහිදී සනත් ජයසූරිය ලකුණු 340ක් රොෂාන් මහානාම ලකුණු 225ක් සහ අරවින්ද ද සිල්වා ලකුණු 126ක් රැස් කර ගැනීමට සමත්වුණා.
ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇති දෙවන කණ්ඩායම ලෙස මේ වන විට වාර්තා අතරට එක්වී තිබෙන්න. එංගලන්තයි.
ඔවුන් 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 903ක් රැස් කර තිබෙනවා.
(CRICTIMES.LK)