19 October 2025


තුන්කොන් සටන ගැන අවසන් තීරණය එළියට



නොවැම්බර් 17වනදා සිට 29වනදා දක්වා පාකිස්ථානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම එක්වන බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ සිය රටට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මියයාමෙන් පසු ඇෆ්ගනිස්ථානය එම ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17වනදා රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙනවා.

පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ තුන්කොන් T20 තරගාවලියේ කාලසටහන පහතින්,



(CRICTIMES.LK)