2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 4වන තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් 2ක් පරාජයට පත් වුණා.
ඒ ඉන්දීය කණ්ඩායමට සහ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
එමෙන්ම ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට 2025 එක්දින කාන්තා ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ හිමි වී තිබෙන්නේ 7වන ස්ථානයයි.
(CRICTIMES.LK)