30 April 2025


14 හැවිරිදි සූර්යවංශි IPL වාර්තා උඩි යටිකුරු කරයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් කණ්ඩායමට එරෙහිව ඊයේ (28) පැවති තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් වාර්තා කළා.

එහිදී නායක ෂුබ්මන් ගිල් ලකුණු 84ක් සහ ජෝස් බට්ලර් ලකුණු 50ක් රැස් කිරීමට සමත්වුණා.
 
පන්සු යැවීමේදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් සිය පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදී මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ දැමුවා.

කෙසේ වෙතත් වනිඳු හසරංගට මෙම තරගයේදී සාර්ථකවීමට නොහැකි වුණා.

ඒ අනුව ඔහුගේ නියමිත පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදී ගුජරාට් කණ්ඩායම ලකුණු 39ක් ලබාගෙන තිබෙනවා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

එහිදී 14 හැවිරිදි වෛභව් සූර්යවංශි ලකුණු 101ක් සහ යසස්වී ජයිස්වාල් නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත්වුණා.

වෛභව් සූර්යවංශි සිය මංගල ශතකය සම්පූර්ණ කළේ පන්දු 35ක් පමණක් වැය කරමින්.

ඔහු වාර්තා අතරට එක්වුනේ IPL ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර 2009 වසරේදී 19 හැවිරිදි මනීෂ් පාන්ඩේ ශතකයක් කරමින් මෙම වාර්තාව හිමි කරගෙන තිබුණා.



සූර්යවංශි පන්දු 35කින් වාර්තා කළ මෙම ශතකය වාර්තා වුණේ IPL ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවන වේගවත්ම ශතකය ලෙසයි.

මීට පෙර පන්දු 37කින් ශතකයක් වාර්තා කරමින් යුසුෆ් පතාන් දෙවන වේගවත්ම ශතකයට හිමිකම් කියනු ලැබුවා.



ඒ 2010 වසරේදීයි.

IPL ඉනිමක ඉන්දීය පිතිකරුවෙක් විසින් ලබාගත් වැඩිම හයේ පහර සංඛාව සම කිරීමටද සූර්යවංශි මෙම තරගයේදී වාර්තා කර තිබෙනවා.

ඔහු මෙම ඉනිමේදී වාර්තා කළ හයේ පහර සංඛාවය 11ක්.

මුරලි විජෙයිද 2010 වසරේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉනිමක් තුළ හයේ පහර 11ක් වාර්තා කර තිබෙනවා.



(colombotimes.lk)