24 June 2025


ලැබුණු වගකීම නූලටම ඉටු කළ නුවනිඳු



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23) ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ කඩුලු 4කින්.

මෙහිදී නිත්‍ය නායක සධීර සමරවික්‍රම වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන 'A' කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 228ක් පමණයි.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක්, මිලාන් රත්නායක සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී කමිල් මිෂාර ලකුණු 81ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා.

 
(crictimes.lk)