17 July 2025


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සතියක පුහුණු වැඩසටහනක්



ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැවැන්ත පහරවල් එල්ල කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සතියක පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ Power-Hitting විශේෂඥයෙක් වන ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජූලි 30වනදා සිට අගෝස්තු 5වනදා දක්වා මෙම වැඩසටහන පැවැත්වෙන බවයි. 

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහරදීමේ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීමට සහ ප්‍රබල පහරවල් එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ජූලියන් වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. 

 
(crictimes.lk)