24 June 2025


බංගලියන්ට අමතක නොවන තරගාවලියක්



එක්සත් අරාබි එමිර් රාජ්‍යට එරෙහිව පැවති T20 තරගාවලියේ තරග 2 - 0ක් ලෙස අමිහිරි ලෙස පරාජය වීමට බංගලාදේශ කණ්ඩායමට සිදුවී තිබෙනවා.

ඒ දෙරට අතර ඊයේ (21) පැවති අවසන් තරගය කඩුලු 7කින් පරාජය වීමත් සමඟයි.

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමිර් රාජ්‍ය පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දෙවන තරගය එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජයග්‍රහණය කළා.

ඒ අනුව 3වන තරගයද ඔවුන් ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලියේ ජය ඔවුන්ට හිමි වුණා.

බංගලාදේශ කණ්ඩායම මේ වන විට ඇමරිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවද ක්‍රිකට් තරගාවලියක් පරාජයට ඔඅත්වී තිබෙනවා.

(crictimes.lk)