24 June 2025


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්



පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන සියලුම තරගවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයද මෙයට ඇතුළත්ව ඇති බවයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
 
(crictimes.lk)