18 April 2025


කඩුලු 2ක් බිඳ දැමූ මතීෂට දැඩි ප්‍රහාරයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගය ඊයේ (14) පැවැත්වුණා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පලමුව පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කඩුලු 2ක් බිඳ දැමුවද ප්‍රතිවාදීන් ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙනායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

(crictimes.lk)