24 June 2025


එෂාන්ට දැඩි ප්‍රහාරයක් - මුම්බායි තරගාවලියට අවතීරණ වෙයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංරයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (23) පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංරයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

එහිදී Heinrich Klaasen ලකුණු 71ක් සහ Abhinav Manohar ලකුණු 43ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

Rohit Sharma ලකුණු 70ක් සහ Suryakumar Yadav ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේදී Eshan Malinga ප්‍රහාරයකට ලක්වුණා.

ඒ අනුව ඔහු යොමු කළ පන්දුවාර 3 තුළදී ප්‍රතිවාදීන් ලකුණු 33ක් ලබාගත්තා.

මෙම තරගයේ ජයග්‍රහණය සමඟින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

(crictimes.lk)