20 August 2025


2026 T20 ලෝක කුසලානයට කණ්ඩායම් 13ක් සුදුකම් ලබයි



ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ 13වන කණ්ඩායම බවට කැනඩාව පත් වී තිබෙනවා.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේදී බහමාස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබීමත් සමඟයි.

මෙය කැනඩාව T20 ලෝක කුසලානයකට සහභාගී වන දෙවන අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.

කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2026 T20 ලෝක කුසලානය සඳහා මේ වන විටත් සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

(crictimes.lk)