21 October 2025


දෙවන තරගයේ ජය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 249ක්.

(crictimes.lk)