23 June 2025


තරිඳු රත්නායකගෙන් සාර්ථක ආරම්භයක්



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) ආරම්භ වුණා. 

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. 

මේ වන විට තරගය දිවා ආහාරය සඳහා නතර කර තිබෙනවා. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඒ අනුව තරගය දිවා ආහාර සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 90ක් රැස් කරගෙන සිටියා. 

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් තරිඳු රත්නායක කඩුලු 2ක් බිඳ දැමුවා. 

(crictimes.lk)