21 October 2025


පාකිස්ථානයේ ප්‍රබලයෙක් ජගත් පිටියට සමුදෙයි



පාකිස්ථානයේ ප්‍රහාරාත්මක පිතිකරු අසිෆ් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 21ක්.

එමෙන්ම ඔහු T20 තරග 58ක්ද පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු 133.9ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගනිමින් රැස් කර ඇති T20 ලකුණු සංඛ්‍යාව 577ක්.

(CRICTIMES.LK)