2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම උඩපන්දු 12ක් අතහැරදමා තිබෙනවා.
එය මෙම තරගාවලියේදී ඕනෑම කණ්ඩායමක් අතහැර දැමූ වැඩිම උඩපන්දු සංඛ්‍යාව බවයි වාර්තා වන්නේ.
චෙන්නායි කණ්ඩායම මෙතෙක් තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර ඇති අතර එම තරගවලින් තරග 4ක්ම ඔවුන් පරාජයට පත්වුණා.
උඩපන්දු අතහැරීමත් සමඟ ප්‍රතිවාදී කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීම චෙන්නායි කණ්ඩායමේ පරාජයන්වලට ප්‍රබල හේතුවක් වී තිබෙනවා.
ඊයේ (08) පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පරාජය වූ තරගයේදීද චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයන් අතින් උඩපන්දු 5ක් ගිලිහුණා.
මේ අතර ලක්නව් සුපර් ජයන්ට්ස් සහ පන්ජාබ් කිංග්ස් වැඩිම උඩපන්දු සංඛ්‍යාව අතහැරි කණ්ඩායම් අතර සම දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
(crictimes.lk)