හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිටියේ ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් විසින් දින 10ක පුළුල් පන්දු රැකීමේ වැඩසටහනක් පවත්වන බවයි.