බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (25) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීයි.
මෙම ටෙස්ට් තරගයට මහජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මහජනතාවට තරගය නැරඹීම සඳහා ගේට්ටු අංක 03 සහ 04 හරහා ක්‍රීඩාංගණයට ඇතුළු විය හැකියි.
දෙරය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙසයි.
(crictimes.lk)