24 June 2025


IPL තරගාවලියේ ආරම්භ ගැන විශේෂ නිවේදනයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව BCCI ලේකම් දේවජිත් සයිකියා නිවේදනය කළා.

ඔහු සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමා ආතතීන් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කිරීමට බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)