24 June 2025


රිස්වාන්ගෙන් සැර පිළිතුරක්



පාකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී දක්වන දුර්වලතාව හාස්‍යට ලක් කරමින් සමාජ මාධ්‍යවල පළවන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ පාකිස්ථාන සුපර් ලීගයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණත් තමන්ට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කිසිසේත් ලැජ්ජාවට පත් නොවන බව ඔහු කියා සිටියා.

එමෙන්ම පාකිස්ථානය තමන්ගෙන් ඉංග්‍රීසි නොඉල්ලන බවත් ක්‍රිකට් දක්ෂතා ඉල්ලන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(crictimes.lk)