17 April 2025


මතීෂට දැඩි ප්‍රහාරයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයත් පන්ජාබ් කිංග්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයත් ඊයේ (08) පැවැත්වුණා.

එහිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමටත් ජයග්‍රහණය හිමි වී තිබෙනවා.

ඊයේ (08) පැවති පළමු තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 238ක් වාර්තා කළා.

එහිදී එහිදී නිකලස් පූරන් ලකුණු 87ක් සහ මිචෙල් මාෂ් ලකුණු 81ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 234ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලක්නව් කණ්ඩායම ලකුණු 4කින් ජයග්‍රහණය කළා.

අනතුරුව ඊයේ පැවති දෙවන තරගය පන්ජාබ් කිංග්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වුණා.

එහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 6ක් දැවී ලකුණු 219ක් වාර්තා කළා.

Priyansh Arya ලකුණු 103ක් සහ Shashank Singh ලකුණු 52ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යවේමේදී මතීෂ පතිරණ දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදී කිසිදු කඩුල්ලක් ලබා නොගෙන ලකුණු 52ක් ප්‍රතිවාදීන්ට ලබාදී තිබෙනවා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 201ක් පමණයි.

(crictimes.lk)