ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15දෙනෙක් ඇතුළත්.
මත්ද්‍රව්‍ය ලබා ගත් බවට අනාවරණය වීම හේතුවෙන් මසක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි කාගිසෝ රබාඩා ද දකුණු අප්‍රිකා සංචිතයට නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 11වනදා ආරම්භ වීමට නියමිතයි.
දකුණු අප්‍රිකා සංචිතය පහතින්,
Temba Bavuma (c), David Bedingham, Corbin Bosch, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Aiden Markram Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Kagiso Rabada, Ryan Rickelton, Tristan Stubbs, and Kyle Verreynne
(crictimes.lk)