ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක කැම්රන් ග්‍රීන්ගේ නම ඉදිරියේ අමිහිරි වාර්තාවක් ලියවී තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අතරතුරදීයි.
මෙම තරගයේදී ග්‍රීන් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් 3වන ස්ථානය නියෝජනය කරමින් ක්‍රීඩා කළා.
න් දෙක
එහිදී ඔහු පළමු ඉනිමේදී පන්දු 3කින් ලකුණු 4ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ඔහුට පන්දු 2කට මුහුණ දෙමින් කිසිදු ලකුණක් රැස් කර ගැනීමට නොහැකි වුණා.
ඒ අනුව 1990 වසරේ සිට ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 3 ස්ථානයේ ක්‍රීඩකයෙක් දෙවරක් දැවී ගිය විට මුහුණ දුන් අඩුම පන්දු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාවේ 3වන තැන කැම්රන් ග්‍රීන්ට හිමි වී තිබෙනවා.
මෙම අමිහිරි වාර්තාවේ පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ එංගලන්තයේ ඔලිව් පොප් විසින්.
(crictimes.lk)