2025 - 2027 ICC ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව බංගලාදේශයට එරෙහිව තරග 2ක් සහ කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 2ක් ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාව, පාකිස්ථානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම්වලට එරෙහිව තරග 2 බැගින් ක්‍රීඩා කිරීමට සිදු වනවා.
කෙසේ වෙතත් එම ශූරතාවලිය යටතේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය සමඟ තරගාවලියක් සැලසුම් කර නොමැති බවයි වාර්තා වන්නේ.