18 April 2025


පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බංගලාදේශයෙන් තනතුරක්?



බංගලාදේශ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු තනතුර භාර ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2026 පෙබරවාරි දක්වා වසර 2ක කොන්ත්‍රාත්තුවක් ඇති ඇන්ඩ්‍රේ ඇඩම්ස් වෙනුවට බංගලාදේශයට වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙක් සොයමින් සිටින බවයි.

සිම්බාබ්වේට එරෙහිව එළඹෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේදී වේග පන්දු යවන්නන්ට මඟ පෙන්වන නවසීලන්ත පුහුණුකරුවාගේ කාර්ය සාධනය පිළිබඳව කණ්ඩායම තුළ ඇති අතෘප්තිය හේතුවෙන් ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන තෙක් ඔහුගේ භූමිකාවේ රැඳී සිටීමට ඉඩක් නොමැති බව මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර තිබෙනවා.

(crictimes.lk)