23 June 2025


පළමු ටෙස්ට් සටන නොමිලේ නැරඹීමට අවස්ථාවක්



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. 

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ හෙට ආරම්භ වන තරගය නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාවක් ලබාදී ඇති බවයි. 

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 04 වන දොරටුව හරහා නොමිලේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට හැකියාව තිබෙනවා. 

 
(crictimes.lk)