එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Shai Hopeගේ නායකත්වයෙන් යුත් එම සංචියට ක්‍රීඩකයන් 15දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතය සඳහා ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ජේසන් හෝල්ඩර් සහ ඇන්ඩ්‍රේ රසල් කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් IPL තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව විවේකයන් ලබාදීම වෙනුවෙන් මෙම සංචිතයෙන් නිකලස් පූරන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලිය ලබන 6වනදා ආරම්භ වීමට නියමිතයි.
කොදෙව් සංචිතය පහතින්,