2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (30) පැවති තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 190ක් රැස් කළා.
එහිදී සෑම් කරන් ලකුණු 88ක් සහ ඩිවෝල්ඩ් බ්‍රෙවිස් ලකුණු 32ක් රැස් කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී පන්ජාබ් වෙනුවෙන් චහල් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් සවි සිටියදී තරගය ජයග්‍රහණය කළා.
එහිදී ශියාස් අයියර් ලකුණු 72ක් සහ ප්‍රභ්සිම්රාන් සිං ලකුණු 54ක් වාර්තා කිරීමට සමත්වුණා.
කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ මතීෂ පතිරණට මෙම තරගයේදී දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ අනුව ඔහුගේ පන්දුවාර 4 තුළ ප්‍රතිවාදී පන්ජාබ් කණ්ඩායම ලකුණු 45ක් ලබා ගත්තා.
එහිදී ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 2ක්.
(crrictimes.lk)