24 June 2025


ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රබල වෙනසක්



නවතම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් හිමි කර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රික කණ්ඩායම සහ 3වන ස්ථානයේ රැඳී සිටි ඉන්දීය කණ්ඩායම එක් ස්ථානය බැගින් පසුබැස ඇති බවයි.
 
මේ අතර එංගලන්ත කණ්ඩායම මෙම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින්නේ 6වන ස්ථානයේයි.

 
(crictimes.lk)