සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 2වන සහ අවසන් ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන් 15දෙනෙක්ගෙන් යුත් බංගලාදේශ කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදු කර තිබෙනවා.
ඒ අනුව 2 හැවිරිදි ආනමුල් බංගලාදේශ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දඟ පන්දු යවන තන්වීර් ඉස්ලාම්ද බංගලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා.
බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ආරම්භක පිතිකරු සකීර් හසන් සහ වේග පන්දු යවන නහීඩ් රානා යන ක්‍රීඩකයන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කර ඇති බවයි.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පරාජය වීමත් සමඟ දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් මෙම වෙනස් කිරීම් සිදු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන 2වන ටෙස්ට් තරගය අප්‍රේල් 28වනදා සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)