2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව ඊයේ (26) සමත්වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 107ක් රැස් කළ පැතුම් නිස්සංක ක්‍රිකට් වාර්තා රැසක් තමන් සතු කරගත්තා.
ඒ අනුව T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයක ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙසත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් ඔහු වාර්තා වුණා.
එමෙන්ම T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද මෙයයි.
ටෙස්ට් ශතකයක්, එක්දින ද්විත්ව ශතකයක් සහ T20I ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක ඉතිහාසගත වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 ශතකයක් රැස්කළ 04වන පිතිකරුවා ලෙසත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙසත් ඔහු වාර්තා අතරට එක්වනවා.
ඔහුගේ ලකුණු 107 වාර්තා වන්නේ ජාත්‍යන්තර T20 තරගයක ශ්‍රී ලංකාව ලකුණු හඹායන අවස්ථාවකදී පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඉන්දියාවට එරෙහිව T20 ශතකයක් රැස්කළ පළමු ආසියාතික පිතිකරුවා මෙන්ම ආසියානු කුසලාන T20 තරගයකදී ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්වුණා.
මේ අතර T20 ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාබියා බවටද පැතුම් නිස්සංක පත් වී තිබෙනවා.
ඒ ඉනිම් 12ක් තුළ ලකුණු 434ක් රැස් කරමින්.
මීට පෙර එම වාර්තාව ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ලකුණු 429ක් රැස් කරමින් තමන් සතු කරගෙන තිබුණා.
(CRICTIMES.LK)