18 April 2025


සධීරට නායකත්වයක්



ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත 'A' කණ්ඩායම් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘A' සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම සංචිතයේ නායකයා ලෙස සධීර සමරවික්‍රම පත්කර ඇති බවයි.

මෙම ශ්‍රී ලංකා 'A' සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම තුන්කොන් තරගාවලිය අප්‍රේල් 13වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.



(crictimes.lk)