සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට නායක චරිත් අසලංක සමත්වුණා.
එය වාර්තා වුණේ ඔහුගේ 5වන ජාත්‍යන්තර එක්දින ශතකය ලෙසයි.
කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ට මෙහිදී සාර්ථක වීමට නොහැකි වුණා.