24 June 2025


සිංහයන්ට දැවැන්ත ජයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.  

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත A කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 200ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක් සහ මිලාන් රත්නායක කඩුලු 3ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීදා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

එහිදී නොදැවී පන්දුවට පහරදුන් මිලාන් රත්නායක සහ පවන් රත්නායක ලකුණු 77 බැගින් රැස් කිරීමට සමත්වුණා.

 (crictimes.lk)