19 October 2025


ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්



2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ තරගය මේ වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙහිදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට සිදුවුණා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස් කළා.

(crictimes.lk)