21 October 2025


බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක්



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එකදින තරගය මේ වන විට නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනයේ සියලුදෙනා දැවී ලකුණු 285ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් සහ චරිත් අසලංක ලකුණු 58ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බංගලාදේශ කණ්ඩායමට හිමි වන ඉලක්කයක ලකුණු 286ක්. 

(colombotime.lk)