20 August 2025


ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්



බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 247ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 458ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 211ක් පිටුපසින් සිටමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 133ක් පමණයි.

(CRICTIMES.LK)