ටෙස්ට් නායකයෙක් සිය පළමු ටෙස්ට් තරග 10 තුළ කිසිදු තරගයක් පරාජයට පත් නොවූ පළමු නායකයා ලෙස වාර්තා අතරට එක්වීමට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා සමත් වී තිබෙනවා.
ඒ ඊයේ (14) ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
ඔහු මේ දක්වා දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙන ටෙස්ට් තරග සංඛ්‍යාව 10ක්.
එහිදී තරග 9කම ජය දකුණු අප්‍රිකා කණ්ඩායමට සතුකරදීමට ඔහු සමත්වුණා.
අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
(colombotimes.lk)